කවියා
පාන්දර විත් වාඩිවී මෙහි
පහන් වනතුරු හිඳිමි පුටුවෙහි
රූ දවාලක් නැතිව හැමදින
කන්තෝරුවෙහි රුඳී සිටිනෙමි
ලයිට් එළියෙන් හඳ දකින්නෙමි
ටැප් දියෙන් දිය බුං ගසන්නෙමි
විදුලි පංකා යටට වී හිඳ
වෙල් එළිය ගැන කවි ගොතන්නෙමි
පැටවු එක්ක නිදිවරලා ගිලී ගරා වැටුණු
මලානික දෙනෙත් කිව්වා නුඹේ සුසුම් පවුරු
මගෙ මුවගට එබුණු කාලෙ දිලිහි දිලිහි තිබුණු
ඉඟි බිඟි පෑ ඔය දෙනෙතට මොකද වුණේ නපුරු
ආල කතන්දර මුමුණා
ඉස්ටේසම ළඟට වෙලා
පෙම් පුරවපු අපේ හීන
රස කර කර කියපු
කොවුල් පදවැලක් ඔච්චර
කොහොම වුණේ නපුරු?
හීන මාලිගා මවමින්
උරතලේම දැවටීගෙන
හුරතලේම නිදියහනේ
තුරුලට වී ඉඳපු
නිසොල්මනේ සැතපෙන්නේ
බරද සිනා අහුරු?
සටහන - ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment