කණාමැදිරි එළි

කණාමැදිරි එළි

කණාමැදිරි එළි හිනැහෙන
පහන් කණුව යට ඉන්නේ
ඉර එළියට බයදෝ අක්කේ
නිදිබර වුණු නෙතු අද්දර
ඉඟි බිඟි තවරා ගත්තට
ඇවිලෙනවද ගින්දර පපුවේ

දෑඟිලි පැටලුණු දෑතුත්
රහසින් නුඹ වෙත ඇවිදින්
කාසි තියා හාදු අරන් යයි
ඒ වුණාට පහුවදාට
මග තොටදී හමුවුණාම
අම්බපාලි කියල කියන් යයි

ලෝබකමක් නැතුව බෙදන
පෙම් සයුරේ කිමිදෙන්නට
ඕන තරම් පෙම්වතුන් ඉඳියි
කොපමණ සෙනෙහස තිබුණත්
නුඹෙ දුක සැප බෙදාගන්න

තනියට කවුරුවත් නැත්තෙ ඇයි?

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment