තරුණයෝ අපි

තරුණයෝ අපි

හීන පුරවනා පිටුවල
සුවඳ මුසුවෙනා හිත්වල
ජීවිතේ අලුත් පිටුවක් පුරවනා හැටි
පන්හිඳක තියා පණනල
ගල්වනා සුවඳ මදනල
කොලු රෑනට පාර කියන
තරුණයෝ අපි

කටු  පඳුරු දිගේ ඇවිදින
රෝස මල් සොයා ඇවිදින
ගුවන් ගැබ අරා පියඹන පියාපත් ඇති
කවවරත් ඉරා සැනහී
සඳවතක් සොයා ඇවිදින
හෙට උදෙත් කලින් දකිනා
කොලු ගැටවු අපි

හෙට උදේ පිපෙන මල්වල
සුවඳ වෑහෙනා තැන්වල
ගැඹුරු තැන් සොයා හෙමින්
ඇදුණමුත් අපි
ගිලිහෙනා දිනේ පණනල
අකුරු කැට ඇඳුණු ඇස්වල
අපේ නමින් කඳුළක්වත්
වෙන්වෙලා ඇති
ගිහි ගෙය

ගිහි ගෙය ගිනි ගෙයක් කියා
බෝ මළුවේ දම් දෙසනා
 අපෙ හාමුදුරුවනේ
දුක නිවනා හැටි දෙසුවත්
ඔය මූණෙත් නෑ සතුටත්
මම නෑ දැක්කේ
         
වටාපතින් වහගත්තට නොපෙනෙන්නට ලෝකේ
එපාවෙනවදෝ ඇත්තට සංසාරෙට ආලේ

කුස පිරෙන්න දාන මාන වැඳුම් පිදුම් ලබලත්
හිත අද්දර ඇයි නැත්තේ සතුටු හිනා කළඳක්

අහස උසට බණ පොත්වල පාලි පාඨ හොයලා
දෙසු දම්පද ඔබහටවත් ගැලපුනාද මන්දා

සත්තකින්ම ඔය කහවත ඔබේ ගතට බරද

නැත්තම් හරි ආසා වෙන් දරන් ඉන්නවාද

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment