මන්දිරේ.....................

........මන්දිරේ.....................

ගිනි වැදුණු ගඩොල් සිහිලෙන් තෙමාගෙන එකට
දෑත් පොඩි එක්කරන් මහා පවුරක් උසට
සොඳුරු මිනිසුන් එක්ව තනා වහලක් හිසට
පිදෙන දවසයි සොඳුරු මන්දිරේ අප නමට

උණුවෙනා හදවතේ සිමෙන්තිය මුහුකෙරුව
මේබිත්තියේ හයිය බදනවා මහ පොළව
කරකවා යතුර දඟ කරන දොරගුළු ගාව
සොඳුරු දහදිය සුවඳ මසිත විළිලයි තාම

හිසට වහලක් නැතුව වැහි දියේ වෙළීගෙන
තෙමන උන් දෙස බලා ගෙට වෙලා ඉනු කොහොම
කල්බලා නොඉඳ තව ගෙයින් බැහැලා බිමට

හෙවණක් වෙමුද අපි උන්ගෙ දරුවන් නමට

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment