කලිසම
කවද්ද උඹ අලුත් කලිසමක් ගන්නෙ
අවපැහැ ගැන්වුණු
කලිසම දෙස බලා
අවපැහැ වදන් මුමුණන
මිතුරාට කීමි
ගන්නවා පඩි දවසට
විසිපස් වෙනිදාට
පෝලිම් ගැසුණු
ගෙවල් කුලී හා ණය වාරික
එක්කලා
වතුර බිල හා ලයිට්බිල
අත්වැල් බැඳ සිටිති
මහා පවුරක් උසට......
ලැයිස්තුවෙන් පල්ලම් බැස
කලිසම වැටෙන විට පහළට
හෙටත් යමි වැඩට
සිහින බඳ පටියේ බැඳ
මගේ අලුත් කලිසම
ඊළඟ පඩි දවසට......
සටහන - ඉඳුනිල් සින්දු




0 comments:
Post a Comment