පින්සාරීදුවට ලියන වග නම්

පින්සාරීදුවට ලියන වග නම්

වන්නියට උඩින්
හඳ පායපු රාත්‍රියක
අන්ධකාරෙ අරන් ගියපු
පාර්වතී නැන්දව
අමතක කරල
ගිනි රස්නෙ මැද්දෙම
තල්කරටියට උඩින්
පියාඹලා ඇවිත්
නැවතුණේ
උඹලයෙ අම්ම ගාව.....

කන්තෝරුවෙන් එළියට බැහැල
කාපට් පාරවල් දිගේ
ආයිත් මං
තල් අරඹට යනව..

පරක්කු වෙලා බෑ දුවේ...
සම්බෝලයි බතුයි කාලා හරි
අම්මත් බලාගෙන ඉඳින්....

ගිනිබටවලට පෑරුණු හිත්
කාපට් පාරවල්වලින්
සුවපත් වෙන්නෑ....
වේලුණු හිත්වලට
සෙනෙහස එන්නත් කරන්න වෙයි.......

පාර්වතීගෙ දානෙට
පොඩි හාමුදුරුවොත් එක්කන්
රිස්වාන් එන දවසක් එයි..
එදාට උඹත්
අම්මා එක්කල එනකං

මං එහෙට වෙලා ඉන්නව..

0 comments:

Post a Comment