අමරණීය පෙම් කව

අමරණීය පෙම් කව

මුම්ටාස්ට පෙම්බැඳි
සාජහන්...
දෑත් පටලා වරු ගණන්
රජමැදුරට හොරෙන්....
විසූවාය සෙනෙහෙන්...
එනමුදු
කලක සිට
සුවකළ නොහැකි
රෝ බියකට
ගොදුරුව...

මියගිය මුම්ටාස්
වෙනුවෙන්
නොකා නොබී
සිහි නොලැබ
වැලපුණු සාජහන්


සිය සේසතම
වියපැහැදම් කොට
හැදුවාය ටජ්මහලක්....

වාර්තාකරුවෙකු දැක මෙය
සාජහන්ව ඉන්ටවිව් කොට
පළ කළෝය පෙම් කව
දුරකථන අංකයද සහිතව..
සති කිහිපයකට පසුව
ආරංචිවිය
ඉඳහිට පෙම්වතියන්
එකිනෙකා
ටජ්මහලටද යනෙනා වග


මං සාජහන් සින්දු

0 comments:

Post a Comment