ග්‍රීස් ගාමිණීගේ අන්තිම කැමැත්ත
කුඩා කල සිට
හිස අත නොගා
අගුපිලේ උන් කල
පැත්තවත් නොබැලූ
අන් ගැහැනියකගේ
අතින්වත් නෑල්ලූ
බොධිසත්ව සහෝදරයන්
පොලු රැගෙනවිත් තිබුණා
සෙහෙනසින්
හිස අතගා යන්නට
කාත් කවුරුත් නැතුව
වැල්ලව හන්දියේ
කෑ ගසා ඇඬූ
මගේ කඳුළු ගැන
නොලියූ
පත්තර කඩදහි
එක්කලා
කැමරා කටවලුත්
කවදාවත් නැතුව
ඇවිත් හිටියා
මං බලන්නට...
පිය සෙනෙහෙ
හැරදා ගිය කල
දොරකඩටත් නො ආ
කාකි මහත්තුරුත්
ඇවිත් තිබුණා
ළඟටම
හෙට ඉඳන් සලකා
ඇති පදමට
එක්ක යයි
වැල්ලව වැව බලන්නට..
කඩු පිහි හැර
හුස්ම කලඳක
බර නොදැනෙන
තරාදියේ දමා
කිරා කුමට
එවන් සුසුම්
සිය දහස් ගණනක්
තවමත්
යකඩ කූරු
ගණින කොට
ඉඳින්
මහත්වරුනි
තරහක් නැත
කිහිවෙකු සමග
එක පහරින්
දෙපළු කරව
මේ පවුකාර හිස
මං තෝල්ක සින්දු




0 comments:
Post a Comment