නුඹට........
සත්මහල් ප්‍රාසාද හීනයක
පිරූ දස පෙරුම්
කුලී මාලිගාවේ
ණය පොතට
සින්න වෙනකොට
හුස්ම සිරගතවනතුරු
සුසුම් පොදිවලින්
ලිපගිනි මෙලවූ
යසෝදරාය නුඹ.....
අඩ නින්දෙන් ඇහැරී
ගිලා බැසි දෙකොපුලේ
පුයුර ඩිංගක් උලා
කඩිමුඩියෙම
එළවළුවක් තම්බගෙන
ඉරුණු සාරියත් ඇඳන්
හූමිටි තියන කෝචිචියට දුවන,
රාත්තිරියට අඬන
රාහුලගෙ
පුංචි සද්දෙටත් ඇහැරෙන
නිදි නැති දෑස්
සැනසිල්ලෙ නිදනවද තව.....
ඉඳහිට කඩෙන් හාදු ගෙන
මැදියමේ ගෙට ගොඩවෙන,
රාහුලටම වෙන්වුණු ඇඳේ
මටත් පුංචි ඉඩක් තියන,
බැණ වැදී ඇහැරාන
කළුවරේ මුමුණාන
මගේ හෙමිබිරිස්සාවට
ගොර අදින පපුවත් අරන්
දර ලිපට ගිනි පිඹින......
කාත් කවුරුත් නැති
ඉසව්වක
සැනසිල්ලෙ ඉන්නවද නුඹ....
මට පාළුයි බං.........
නැගිටලා බැණපං මට
එකම එකම සැරයක්වත්
හිත හදාගන්නට....




0 comments:
Post a Comment