මයෙ තාත්තෙ..................
මහ පොළව නූහුළන
සංසාරෙ හරි නපුරුයි තාත්තෙ
මං වගේ හුඟ කැකුළු
හෙටත් නොගිලේවිද කනත්තෙ
මුල් ගැලවුණු ගස්වලට
පොළව බදන්න අමාරුනං
මහ ගස් අස්සෙ
ඇයිද උඹ පැළ කෙරුවෙ
මාව කුණු රොඩු අස්සෙ
උඹ හිටවපු ගස්වල
මල් පිපුනාම අරුමැක්කෙ
පෝර ඩිංගිත්තක් දාල
පරිස්සං කරගන්නවත්
බැරිවුණිද මයෙ තාත්තෙ
මගේ මරණෙන් පස්සෙ
ග්‍රිල් දාපු ජනෙල්
ගේට්ටු දාපු ගෙවල්
හුඟ වැඩිවුණත් තාත්තෙ
හදපලුව වහපු දොරගුළු
අරින්නම තමයි
කවුරුවත් ළඟ නැත්තෙ....
කැමරා මහත්තුරුත්
මයික් කටවල් අමෝරන්
හොට් නිවුස්
හොයන කනත්තෙ....
යකඩ පොලු අරන්
පවුකාරයන් හොයන්නෙත්
බෝධිසත්ත්වයොමද
මයෙ තාත්තෙ.........
මං පියාදර
සින්දු




0 comments:
Post a Comment