පියා මුහුදට විසිකළ පුතුට

පියා මුහුදට විසිකළ පුතුට


කොයිතරම් වාසනාවන්තද
පුතේ නුඹ
මුල් ගැලවුණු පොළවක
හෙවණ නැති ගස්යට
හුඟ කාලයක්
ඉතිරි කර නොගත්තට
අතවර නොකළාට කිසිවෙක්
අතෑරුණු පාළු මූකලන්වල
ඔහේ පාවුණුකමට
අතරමං වුණු
ඉරුණු හදවත ගෙන
මරණය තෙක්
කාෂ්ටක පොළව යට
තෙතමනයක් ඉල්ලා
හිඟමන් යදින
මහ ගසුත් හුඟ ඇතිකොට
හයක් හතරක්
නොතේරෙන කාලෙම
කාටත් නොකියම
සැනසිල්ලෙ දොයිද තනියම

මං නොනිදන සින්දු

0 comments:

Post a Comment