පෙම් කව
පත්තරය ඇත්තේ ලියන්නට නොවේය
නුඹේ අඳෝනා...
හැමට කියවන්නට
මෙවර ලියව පෙම් කවියක්....
කාමරයට මා කැඳවු කතුවරයා
පැවසීය නෝක්කාඩුවක්
උදේ සිට හවස් වනතුරුත්
කල්පනා කොට
පදපෙළක් හමු නොවූ කල
ගත්තෙමිය බිරිඳට ඇමතුමක්..
ලියන්නට පෙම් කවක්
දෙනවාද ආදර හැඟුමක්
ඔල්මොරොන්දන්ද තමුසෙට
මං දරුවට කිරි දෙන ගමන්...ෆ
මතක් වී පැරණි පෙම
ඇමතීය ප්‍රමිලාට..
සොහොන් කොතවත්
ඉතිරි නැති පෙමකට
අරගෙන තව කුමට
නොගත්තට කමක් නෑ
ආයි කවදාවත් මට...
බුකියෙන් ඇඳින ගත්තෙමි
කිසිදා දැක නොමැත්තෙමි
ඉඳහිට චැට් කළෙමි
මම ඇයට ගත්තෙමි
හායි කිව හැකිය
උම්මා දිය හැකිය
බායි කියා නින්දට යා හැකිය...
ඉඳහිට හමුවිය හැකිය..
උදේ හවා චැට් කළ හැකිය..
නමුදු පෙම් කරනට
තනිකඩ බව සහතික කළ යුතුය..
දුරකථනය විසන්ධි කොට
බොස්ගේ කාමරයට ගොස් සපථ කළෙමි..
...අදින් පසු කිසිදිනෙක මම කවි නොලියමි..
මං නොලියන
සින්දු




0 comments:
Post a Comment