සීතලී.....................
වාසගමවත් නොදත් අහසට
සිහිල බෙදනට ලෝබකම් නැති
මං නිසා සිල් බින්ද
පෙම්බර සීතලී.....
වියළිලා ගිය නහරවැල්
සිහිලසින් නැහැවිලා යනතුරු
දඟකරන්නට අවසරද
පපුවේ ගිලී
හදමඬල පණඅදින මොහොතක
තෙමා සිහිලෙන් සෙනෙහසින් සිඹ
උනා සළුපිලි නිවා සරතැස
පෙම්දියේ නහවමින් කඳුළැලි පිසමිනී....
සැඬසුළං මැද සැලි සැලී
මං ළඟදි මදහස පාමිනී........
වැහිලිහිණි ඔච්චම් මැදින් තාමත්
වසන්තෙට අත වනමිනී
කළුවරේ කණවැල ඇල්ලූමුත්
හඳ එළිය නොම දුටු සඳවතී....
කාට කවුරුන් වුණත්
නුඹ මට
දේවතා එළියක් මෙනි




0 comments:
Post a Comment