සුද්දා සහ මම

සුද්දා සහ මම

තරගයට පියොවුරු
සිඹින සුද්දා
අහසේද
නිල් චිත්‍රපට හදයි
නමුදු ඌ
පියොවුරු
මතක තබා නොගනියි.....

එකම පියොවුරක
එල්ලී
ලොවට හොරෙන්
නිල් බලා තැවී
සුසුම්ලන
මගේ හිත වටේ
දහස් ගණන්
පියොවුරු
එල්ලා වැටෙයි
ගණිකා මඩමකින්  ඇල්ලූ එක් දරු මව උසාවියට...

වරෙල්ලකො මං ළඟට...
ජීවිතේ කුලියට දුන්නු වරදට
බෝධිසත්ව කාකි මහත්තුරු
මාංචු දාල අරන් යයි මාව
අලුත්කඬේ උසාවියට

රහසින්වත් පවු නොකෙරූ
නෝනා මහත්තුරු
නෝක්කාඩු කතාකියයි
අමුතුම සතෙකු ලෙස
බලා මා දෙස
දෑස් ඔසවාගත නොහැකිව
බිම බලා සිටියද
එතන හිටියා
මං ඉස්සරහ ජීවිතය ඉල්ලා
බැගෑපත් වුණු
මහත්තයෙක්
තම බිරින්දෑද සමග

පොටෝ ගහන  මහත්තුරුත්
විදුලි කොටන වේගෙන්
යවා කිරණ මගේ ඇඟට
වැහැරුණු තනපුඩු උස්සා
හෙට උදේම
පොල්ගෙඩි
අකුරෙන්  දමයි 
පත්තරවල ලොකුවට
මුදලාලි මාව විකුණලා
අවුරුද්දකදි ගත්තටත් වැඩිය
එක දවසකින් උන් හොයයි සරුවට...

ඒ හින්දම
හෙට ඉඳන්
බිස්නස් තියෙයි
ඉස්කෝලෙ යන
පොඩි එවුන්ගෙනුත්
හරියට

රාළහාමි කෙනෙක්
කන්න මෙන්
බැලුවා හොරැහින් මදෙස
ෂුවර් එකටම
ඇප දුන්න ගමන්
අද හවසම එයි
නිකං සැප ගන්නම


හෙට උදේ ඉඳන්
මයෙ දරුවත්
පාර බැහැල ඉවර වෙනකොට
මයෙ මිනිහත් දායි මාව එළියට
දැන් ඉතිං
තරාදියේ දාල කිරපං ලෝගුවෝ
සුදු පිරුවට එළාගෙන
පුස්කාපු පොත්වලින් මැන
වැරදිකාරියයි කියපං මට...

හැබැයි කළුවර වුණු හැන්දෑවට
ජීවිතේ ඉල්ලගෙන
ගෙවල්වලට හොරෙන්
වරෙල්ලකො තොපි
එකෙක්වත් මං ළඟට....


මං පිරිසිදු සින්දු

0 comments:

Post a Comment