හිනාවෙයං තාත්තේ.....................
හිනාවෙයං තාත්තේ
එකම එක සැරයක්
වෙනදා වගේම
ඇස් යට ගිළුණු
හිනාව එළියට අරන්...
සති ගාණකට පස්සෙ
ගෙදර ඇවිත්
මං මගහැරෙයි කියල බයට
කළුවරේම මාව ඇහැරවා
හිනස්සවන.........
පාන්දරට නිදිමතේම
හිස සිඹ ඇඳට වැටෙන
මාත් එක්කලා
පුංචි සින්දුවලටත් නටන
නැතිකමක් නොකියා
පිච්චියත් හූරලා දී
තඹයක් නැතුවත් හිනාවෙන.........
කේන්තිය ඉහ මුදුන් වුණාම
රිදුණු හිතෙන් කෝටු අරන්
අම්මටයි මටයි තලන....
එසැණින් ආපහු හැරී
අපි දෙන්නගෙම හිස සිඹින
මුකුත් හැංගිලා නැති
ඔය පපුව තාම ගැහෙනවද ?




0 comments:
Post a Comment