ඈ බං යෝදියේ
අපි ආපු පාරදිගේ
අපිටම හොරෙන්
බස් හෝල්ට් කීයක් ළඟ
නතරවෙන්න ඇද්ද ?
අපේ නොවන
ලියුං කඩදහි, මැසේජ් එක්ක
කොච්චර නං
ගනුදෙනු කරන්න ඇද්ද?
ඒත් අපි මුකුත් නොදන්නව වගේ
හැන්දෑවට ගෙට ගොඩවුණෙ නැද්ද?
සරසවිය පුරාවට
උදේ හිට රූ වෙනකං
කොයිතරං පෙම්වත්තු
අපි ඉස්සරහින්
අත් අල්ලංගියත්
එහෙම අත් අල්ලංගිය අත්
කීයක් නං අත්ඇරෙන්න ඇද්ද?
කේන්දර ගලපා
පත අට එකට සිඳ
අෂ්ටක පෝරු මස්තකාරූඩව
ජයමගුල් කෑ බැමි
බහුවදාම ලිහෙද්දි
හඳපානේ ගැලපූ පොරොන්දමෙන්
තාම පවුල් කනව අපි
ඒ විතරක් නං මදෑ
රත්තරනේ, මගේ පණ කියපු උන්
පණ එපා කියල දුවද්දි
මේ ඒයි
තමුසෙත් එක්ක
තාම පවුල් කනව
නේද බං




0 comments:
Post a Comment